For Sri Lanka Facebook Marketers..

Home Top Ad

WELCOME TO MY BLOG-Hansaka

මගේ කතාව. උසස් පෙළ විභාගය අවසානයෙන් පසුව උසස් අධ්‍යාපනය ලෙස ශ්‍රී ලංකා රජයේ කාර්මික විද්‍යාලයකින් සිවිල් ඉංජිනේරු ඩිප්ලෝමාවක් ලබා ග...

About Hansaka


මගේ කතාව.

උසස් පෙළ විභාගය අවසානයෙන් පසුව උසස් අධ්‍යාපනය ලෙස ශ්‍රී ලංකා රජයේ කාර්මික විද්‍යාලයකින් සිවිල් ඉංජිනේරු ඩිප්ලෝමාවක් ලබා ගැනීමෙන් අනතුරුව අර්ධ රාජ්‍ය සමාගමක කාර්මික නිලධාරියෙකු වශයෙන් සේවයට එකතු වන්නේ 2014 වර්ෂයේ.ඉන් අනතුරුව රජයේ ව්‍යාපෘති ගණනාවක සේවය කිරීමට අවස්ථාව ලැබුණු මට ඉන් ලබා ගත හැකි වූ ඉංජිනේරු දැනුම මට මහගු අවස්ථාවක් වුනා.

ව්‍යාපාරයක අවශ්‍යතාව..
කුඩා කල සිටම ව්‍යාපාරිකයෙකු වී Be own boss සංකල්පයේ ඉදිරියට ගිය පුද්ගලයෙකු වීමේ ආශාව අද වෙනතුරුත් සංසිදී නැහැ.ව්‍යාපාර ගණනාවක අදහස් සොයා ගත්තද එක් වරම ඒවාට අවතීර්ණ වීමේ දුෂ්කර තාවය හා අවධානමක් මත රැකියාවෙන් ඉවත් වීමේ නොහැකියාව නිසා අවසානයේ සිවිල් ඉංජිනේරු අංශයේම ව්‍යාපාරික අවස්ථාවක් හදුනා ගැනීම එතරම් අපහසු වුනේ නැහැ.

අභියෝගය හදුනා ගැනීම.
රැකියාවේ තිබු කාර්ය බහුල වීම නිසාමත් ඉපදී හැදී වැදුණු නගරයෙන් දුර බැහැරව රාජකාරි කටයුතු වල නිරත වීමත් නිසා මගේ ව්‍යාපාරයට අවශ්‍ය ගනුදෙනු කරුවන් සොයා ගැනීම මහත් අභියෝගයක් බවට පත් වුනා.මේ සදහා විවධ වූ ක්‍රම අත්හදා බැලීමට යොමු උනත් ඒවායේ සාර්ථකත්වයක් නොතිබුණු තරම්.අවසානයේ ඉංග්‍රීසි බ්ලොග් අඩවි පරිහරණයෙන් ලබා ගත් දැනුමෙන් ෆේස්බුක් වෙළදම්කරණය ඉගෙන ගැනීම තරමක් අපහසු උනත් ආශාව හා උනන්දුව නිසාම එය සාර්ථක කර ගැනීමට මට වැඩි කාලයක් ගත උනේ නැහැ.

ෆේස්බුක් හි ව්‍යාපාරය ආරම්භ කිරීම.
ෆේස්බුක් හි ව්‍යාපාරික පිටුවක් ආරම්භ කිරීමෙන් අනතුරුව මාගේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙන යාමට මා සතුව තිබු දැනුම ප්‍රමාණවත් මට්ටමක තිබෙන්නට ඇත.ඒ අනුව අඩු මහන්සියකින් හා අඩු මුදලකින් ව්‍යාපාරය ජනතාව අතර ප්‍රසිද්ධ කිරීමට හැකි වීම මා ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් විය.

අධික කාර්යබහුල මට්ටමක උනත් මේ බ්ලොග් අඩවිය ආරම්භ කිරීමේ මගේ අරමුණ උනෙත් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාරය ෆේස්බුක් හරහා සාර්ථක කර ගැනීමට අවශ්‍ය මාගේ දැනුම බෙදා දීමයි.

0 coment�rios: