For Sri Lanka Facebook Marketers..

Home Top Ad

WELCOME TO MY BLOG-Hansaka

ඔබගේ ව්‍යාපාර වර්ධනය සදහා ෆේස්බුක් ගෘප් භාවිතය... අපි නිතර නිතර පාවිච්චි කරන දෙයක් වගේම අපි හැමෝම දන්නා දෙයක් තමයි ෆේස්බුක් ගෘප් කියන්නේ...

Facebook group for your business...

ඔබගේ ව්‍යාපාර වර්ධනය සදහා ෆේස්බුක් ගෘප් භාවිතය...

අපි නිතර නිතර පාවිච්චි කරන දෙයක් වගේම අපි හැමෝම දන්නා දෙයක් තමයි ෆේස්බුක් ගෘප් කියන්නේ.නමුත් ඔබ සිතුවාද ෆේස්බුක් ගෘප් හරහා ඔබගේ ව්‍යාපාරයේ ලාභය වැඩි කර ගන්න පුළුවන් කියල.මේ ලිපිය ඒ ගැනයි.

මම තීරණය කරා ෆේස්බුක් ගෘප් මගේ ව්‍යාපාර කටයුතු වලට දායක උණු ආකාරය මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න.

විනාඩි 10ක කාලයක් වැය කරලා මේ ලිපිය හොදින් කියවන්න.මුදල් වියදම් කිරීමකින් තොරව පහසුවෙන් ව්‍යාපාර ප්‍රවර්ධනය කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ගෘප්.

ඇතැම් ව්‍යවසායකයින් පවසනවා ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු 350% කින් පමණ වැඩි වුනු බව මේ ක්‍රම භාවිතා කරලා.(අන්තර්ජාලය ඇසුරින්).මමත් ඒ ඉලක්කය කරා ඔබව ගෙන යන්න උත්සහ දරනවා.



නමුත් එය පුද්ගල වර්ධනයක් මිස සංඛ්‍යාවක් නොවේ.මිනිසුන් හා ඔවුන්ගේ හැගීම් පිළිබද ගනුදෙනුවකි.එකම දේකට අසාවක් ඇති එකම අරමුණක් සහිත පුද්ගලයින් එකතු වීම සමගියේ අරුත විදහා පාන්නකි.ඒ වගේම අපි අපේ වැඩයට ආදරය කරන්නේ ඇයිදැයි අපට මතක් කර දෙන අතර, අපට අවශ්ය වන්නේ එමගින් ඇතිවන පෙළඹවීමයි.



කතිකාවක් ගොඩ නැගීමට හොදම ස්ථානය ෆේස්බුක් ගෘපය බව අවිවාදාත්මකයි.ඔබගේ නව නිර්මාණ,නිෂ්පාදන වට්ටම් ආදිය පිලිබදව ඔබගේ ගනුදෙනු කරුවන් දැනුවත් කිරීමට හා ඔවුන් හා අදහස් හුවමාරුවට හොදම වේදිකාව මෙයයි.

ඔබගේ ව්‍යාපාරයට ඔබ විසින් ගෘපයක් පවත්වා ගන්නවානම් ඉන් ඔබට සොයා ගත හැකි ගනුදෙනු කරුවන් හෝ මිලදී ගන්නන් සංඛ්‍යාව ඔබ සිතනවාටත් වඩා වැඩි අගයක් ගනු ඇත.

ඇයි ව්‍යාපාරයක් සදහා ගෘපයක් අවශ්‍ය?.
මා මුලින් සදහන් කළා කොහොමද ෆේස්බුක් ගෘපය ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ කියල.දැන් බලමු කොහොමද ඔබගේ ව්‍යාපාර අදායම එමගින් වැඩි වෙන්නේ කියලා.

පසු ගිය වසර කිහිපය තුල ඔවුන්ගේ පරිශීලකයින්ට ෆේස්බුක් වඩා හොද තැනක් බවට පත් කිරීමට ඔවුන් වෙනස්කම් රාශියක් කරනු ලැබුවා.2018 සංඛ්යාලේඛනවලින් පෙන්නුම් කරන්නේ බිලියනයකට වැඩි පිරිසක් ෆේස්බුක් කණ්ඩායම්වල සාමාජිකයන් බවයි.ඔවුන්ගෙන් 10%ක් ම ගෘපය යොදා ගන්නේ ප්‍රයෝජනවත් යමක් වෙනුවෙනි.

2017 වසරේ සිට එක් වූ නව අංගයක් වන්නේ ෆේස්බුක් පිටු සදහාද ෆේස්බුක් ගෘප් නිර්මාණය කල හැකි වීමයි.

ව්‍යාපාර සදහා ෆේස්බුක් භාවිතා කල හැකි ක්‍රම කිහිපයක් ඇත.එම නිසා මුලින්ම ඔබ කල යුත්තේ ඔබට ගැලපෙන හා වාසි දායක ක්‍රම තෝරා ගැනීමයි.එය ඔබේ ව්යාපාරයේ වර්ගය මත සහ ඔබේ ප්රජාව සම්බන්ධ වන ආකාරය මත රඳා පවතී.ඔබට ෆේස්බුක් වෙලදාම් අරමුණු,පාරිභෝගික සේවා වැනි කටයුතු වලටද යොදා ගත හැකිය.

01.ෆේස්බුක් ගෘප් වෙළදාම් කටයුතු සදහා.
ෆේස්බුක් සමාගම වසර ගණනාවක් පැරණි සමාගමක් වන අතර ඇමරිකනුවන්ගෙන් 79% ක් පමණ මේ වන විට ෆේස්බුක් භාවිතා කරන බව ඔවුන්ගේ වාර්තා සනාථ කරන අතර එය ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය වේ.

ගෙවී ගිය වසර කිහිපයක කාලය තුල ෆේස්බුක් ගෘප් වෙත සාමාජික ආකර්ෂණය වැඩි වී ඇති අතර එය හොද ව්‍යාපාරික අවස්ථාවකි.

මෙහි ඇති වාසිදායකම අංගය වන්නේ සිහි කැදවීම් නැතිනම් notification පහසු කමයි.නිතරම යම් සාමාජිකයෙකු ඔබගේ ගෘපය හා සම්බන්ද වී සිටී නම් ඔබ ගෘපයෙහි යම් යාවත්කලිනයක් (Update) සිදු කල විට ඒ පිලිබදව සාමාජිකයින්ට සිහි කැදවීම් හරහා දැනුම්න් දීමයි.

එහෙත්, ඔබ ගැන පමණක් කතා කරන්නේ නම්, පරිශීලකයන්ට කම්මැලි වී ගෘපය හැර යනු ඇත.

ඔබගේ ගනුදෙනු කරුවන් එහෙමත් නැති නම් සාමාජිකයන් වටිනාකමක් සහිතව රදවා ගත හැකි ක්‍රම කිහිපයක් මේ.

පාරිභෝගික සේවා සඳහා ෆේස්බුක් කණ්ඩායම භාවිතා කිරීම

ඔබගේ ව්‍යාපාරය සදහා පාරිභෝගික සේවාවක් අවශ්‍ය නම් ඔබගේ ගනුදෙනු කරුවන්ට ඇති වන ගැටළු,නව නිෂ්පාදන,වට්ටම්,තොග අවසන් කිරීම් ආදිය පිලිබදව ඔවුන් දැනුවත් කිරීමට පිරිවැයක් දැරිය යුතු නොවන පහසුම ක්‍රමය ෆේස්බුක් සමුහයක් බව ඔබ තේරුම් ගනු ඇත.

එහි අදහස දැනටමත් ඔබ සතුව තිබෙන පාරිභෝගික සේවා අංශය ප්‍රතිස්ථාපනය සිදු කිරීමක් නොවේ.

0 coment�rios: