For Sri Lanka Facebook Marketers..

Home Top Ad

WELCOME TO MY BLOG-Hansaka

ව්‍යාපාර කටයුතු වලදී භාණ්ඩ හා සේවා අන්තර්ජාලය හරහා අන්තර්ජාලය යොදා ගනිමින් විකිණීම ඔන්ලයින් මාකටින් කියල සරලවම හදුන්වන්න පුළුවන්.සාමාන්‍ය...

What is online marketing?


ව්‍යාපාර කටයුතු වලදී භාණ්ඩ හා සේවා අන්තර්ජාලය හරහා අන්තර්ජාලය යොදා ගනිමින් විකිණීම ඔන්ලයින් මාකටින් කියල සරලවම හදුන්වන්න පුළුවන්.සාමාන්‍ය වෙළදාමට වඩා පුළුල් පරාසයක් තුල තමන්ගේ ව්‍යාපාර කටයුතු මෙහෙයවිය හැකි නිසා මෙම ව්‍යාපාර ක්‍රමය ලෝකයේ ව්‍යාපාරික ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

මේ තුලින් පහත ප්‍රතිලාභ ව්‍යාපාරික ප්‍රජාවට ලබා ගත හැකිය.

  1. විභව වර්ධනය.
  2. අඩු වියදමකින් ප්‍රචාරණය.
  3. අලංකාර සිත්ගන්නා සුළු ප්‍රචාරණය.
  4. ඉතා හොද පාලනය.
  5. වැඩි දියුණු වූ පාරිභෝගික සේවාව.
  6. තරගකාරිත්වයට නොභියව මුහුණ දිය හැකිය.
අන්තර්ජාල අලෙවිකරණ යනු අන්තර්ජාල අලෙවිකරණය, වෙබ් අලෙවිකරණය, ඩිජිටල් අලෙවිකරණය සහ සෙවුම් යන්ත්‍ර අලෙවිකරණය (SEM) ලෙසින්ද හැඳින්වේ.

ව්‍යාපාර අවස්ථාව අනුව දැන්වීම් රටාව වෙනස් විය හැකි අතර එය හොදින් වටහා ගැනීම තුලින් සාර්ථක ප්‍රතිපල ලබා ගත හැකිය.

මෙම බ්ලොග් අඩවියේ ප්‍රධාන අරමුණ හා ඉලක්කය ෆේස්බුක් වෙලදාම්කරණය පිලිබදව ව්‍යාපාරික ඔබව දැනුමින් සන්නද්ධ කිරීමයි.නමුත් online marketing යනු හුදෙක් ෆේස්බුක් මර්කෙටින් පමණක් නොවේ.එය විශාල පරාසයක් පුරා විහිදී යයි.

ෆේස්බුක් හොරකම...
හොරකම යන වචනය දකිමෙනුත් ඔබ පුදුම වෙනවා නොඅනුමානය.නමුත් සැබෑ කතාව එයයි.ෆේස්බුක් වසර ගණනාවක සිට හොරකමේ යෙදෙමින් සිටි.ඔබෙත් මගෙත් දත්ත ඔවුන් දින පතා සොරකම් කරනු ලබයි.

නමුත් එය නීතියට එරෙහි වූ හොරකමක් නොවේ.ඔවුන් එලෙස සොරා ගන්නා දත්ත වලින් ඔවුන්ගේම වෙලදාම් රටාවක් නිර්මාණය කරගෙන ඇත.ඒ තුලින් ඔවුන් මුදල් උපයයි.

ඒ කොහොමද?...
කිසියම් කෙනෙකු ඇදුම් විලාසිතා ආදියට වැඩි කැමැත්තක් දක්වයිනම් ඔහු හෝ ඇය ඒ පිලිබදව නිතර අවදානයෙන් සිටි.ඔවුන් නිතර ඒ පිලිබදව පොස්ට් ෆේස්බුක් හි ෂෙයාර් කරයි.නිතර නිතර අන්තර්ජාලයේ ඒ පිලිබදව සොයා බලයි.මෙලෙස ඒ පිලිබදව සොයා බලන දේ පිලිබදව ෆේස්බුක් ආයතනය අවධානයෙන් සිටි.මෙලෙස ඔවුන් ඇදුම් හා විලාසිත වලට කැමති අයව සොයා ලැයිස්තු ගත කර ගනී.ඉන් අනතුරුව කිසියම් රෙදි පිලි ව්‍යාපාරිකයෙකු තම නිෂ්පාදන පිලිබදව මුදල් ගෙවා ෆේස්බුක් හි දැන්වීමක් නිර්මාණය කල විටෙක එම දැන්වීම ෆේස්බුක් සමාගම දර්ශණය කරනු ලබන්නේ රෙදි පිලි වලට කැමති අයට පමණි.එය කිසි විටෙක ඒ පිලිබදව ඇල්මක් නොදක්වන අයට ප්‍රදර්ශනය නොකරයි.මෙය ඉලක්කගත දැන්වීම්කරණය ලෙස හදුන්වනු ලැබේ.

මෙම දැන්වීම් රටාව ව්‍යාපාරිකයාට හෝ දැන්වීම් කරුවට ඉහල ප්‍රතිලාභ ලබා දීමට සමත් වේ.ඒ ඔහුගේ ප්‍රචාරණයට ගෙවූ මුදල් අනවශ්‍ය අය වෙත ගෙන යාමට නාස්ති නොවීමයි.එමෙන්ම ෆේස්බුක් හි දැන්වීමක් ප්‍රචාරය කිරීමට විශාල මුදලක් වැය නොවේ.එහි අවම මුදල දිනකට 1$ වේ.දින ගණන මෙන්ම දිනක වියදම ඔබට කැමති පරිදි වෙනස් කර ගත හැකිය.

ගූගල් සමාගමද මීට බොහෝ සමාන වූ දැන්වීම් රටාවක් නිර්මාණය කර,ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු මෙහෙයවයි.නමුත් ඔවුන්ගේ ගූගල් අඩවිය තුල සිදු වන්නේ යමක් සොයන විට එයට අදාල දැන්වීම් ප්‍රදර්ශනය කිරීමයි.නමුත් ෆේස්බුක් හි සිදු වන්නේ නිදහසේ සැරි සරණ විටද ඔවුන්ගේ පරිශීලකයන්ට හානියක් නොවන අයුරින් ඔවුන්ගේ දැන්වීම් ඉදිරිපත් කිරීමයි.ෆේස්බුක් හි අපි දැන්වීමක් ලෙස හෝ නරබන්නේ අපි කැමති දෙයක් පමණි.

අපි ව්‍යාපාර ඇසකින් බලන විට ව්‍යාපාරික අපට ෆේස්බුක් දැන්වීම් රටාව බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.

0 coment�rios: